ගින්නට නවයක් බිලිවෙති



තායිවානයේ නිව් තායිපේ නගරයේ රෝහලක හත් වැනි මහලේ හටගන් ගින්නට 9 දෙනෙක් බිලිවූහ.

දුම් ආඝ්‍රාණය වූ සහ පිළිස්සුම් තුවාල ලැබූ පිරිස 19 කි. මියගිය සහ තුවාල ලැබූවන් අතර රෝගීන්, හෙදියන් කාර්ය මණ්ඩල සාමාජිකයන් ද සිටින බව තායිවාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

තුවාල ලැබූ 16 දෙනාගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි ද වාර්තා වේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙයි. ගිනි නිවන භටයන් සැක කරන්නේ විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්න ඇති බවය.

ගින්නත් සමඟ රෝහලේ සෙසු රෝගීන් ඉවත් කිරීම කඩිනමින් සිදුවුණු බවත්, මේ වනවිට ඔවුන් වෙනත් රෝහල්වලට මාරු කර යවා ඇති බවත් වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS