මේගන්ගේ බබා රජ පැටියකු වෙන්නේ නෑ



තමා ගැබිනියක යැයි බි‍්‍රතාන්‍යයේ හැරී කුමරු සමඟ  ඕස්ටේ‍්‍රලියාවේ සංචාරයකට පැමිණ සිටින බිරිඳ මේගන් මාකෙල් හෙවත් සසෙක්ස්හි ආදිපාදවරිය, මාධ්‍ය හමුවේ අනාවරණය කළේය.

බි‍්‍රතාන්‍ය  ඕපාදූප පුවත් සේවා කල් තියා මේ බව වාර්තා කර තිබුණ ද මේගන් මාකෙල් සහ හැරී කුමරු එක් වී එය තහවුරු කළ පළමු අවස්ථාව වූයේ මෙයයි.

රජ පවුලට එක් වීමට නියමිත මෙම නව සාමාජිකයා රජ කුමරකු හෝ කුමාරියකු ලෙස හඳුන්වා දෙනු ලබන්නේ නැති බවත්, ආදිපාදවරියක හෝ ආදිපාදවරයෙකු ලෙස පමණක් ගරු නාමයෙන් හඳුන්වාදීම සිදුවනු ඇති බවත් පැවැසෙයි.

ඔටුන්න හිමි පරම්පරාවේ දරු දැරියන්ගේ වැඩිමල් දරුවාට හැර, සෙසු සාමාජිකයන්ට උපදින දරුවන් කුමාරයා හෝ කුමාරිය හෝ යන නාමයෙන් හැඳින්වීම අවශ්‍ය නැති බවට ක‍්‍රමවේදයක් සකස් කළේ පස්වැනි ජෝර්ජ් රජුය. ඒ, 1917 වසරේදීය. පස්වැනි ජෝර්ජ් රජු යනු හැරී කුමාරයාගේ මී මුත්තෙකි.

බී.බී.සී


RECOMMEND POSTS