කොලොම්බියාවේ ආසාදිතයෝ මිලියනයක්



ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන කොලොම්බියාවේ කොවිඩ් 19 ආසාදිතයන් ගණන මේ වනවිට මිලියනය පසු කර ඇතැයි වාර්තා වේ.

කොලොම්බියාවෙන් ගතවුණු පැය 24 ඇතුළත හමුවුණු නව ආසාදිතයන් ගණන 8,769 ක් බවත්, ඒ අනුව සමස්ත ආසාදිතයන් ගණන 1,007,711 ක් බවත් කොලොම්බියා සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසා ඇත. කොලොම්බියාවෙන් වාර්තා වන කොරෝනා මරණ ගණන 30,000 කි.

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකා සහ ලතින් ඇමෙරිකා කලාපයෙනි. ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ලතින් ඇමෙරිකාවට අයත් බ්‍රසීලයෙනි.

පේරු සහ මෙක්සිකෝ යන රටවල් ද ලතින් ඇමෙරිකාවට අයත් වන අතර එම රටවල ද කොරෝනා ආසාදිතයන් වැඩිවීමට පටන් ගෙන තිබේ. පේරු රටින් වාර්තා වන ආසාදිතයන් ගණන 8,86,214 ක් වන අතර මෙක්සිකෝවෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 8,86,800 කි. බ්‍රසීලයේ ආසාදිතයන් ගණන 5,381,224 කි.

මෙඩෙලින්හිදීය (ඒ.එෆ්.පී.)‍


RECOMMEND POSTS