කොරෝනා සුවවූවන්ට ලෙඩ ගොඩක්



කොවිඩ් 19 වයිරසය ආසාදනය වී, සුවය ලබා රෝහල්වලින් පිටව ගිය රෝගීන්ගෙන් සියයට 58 ක පිරිසක්, මාස ගණනකට පසු විවිධාකාරයේ රෝගාබාධයන්ගෙන් පීඩා විදිමින් සිටින බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.

කොරෝනා සම්පූර්ණයෙන් සුවවූවන් මාස ගණනකට ස්වසන අපහසුතාවලින්, සාංකාවෙන්, විෂාදයෙන් සහ විඩාබරගතියෙන් පෙළෙන බවත්, තවත් සමහරුන්ගේ අක්මාව, වකුගඩු ක්‍රියාකාරීත්වය අසාමාන්‍ය වී ඇති බවත් ඔක්ස්ෆර්ඩ් වෛද්‍ය පර්යේෂකයන් එළිදැක්වූ පර්යේෂණ වාර්තාවක දැක්වෙයි.

ඔක්ස්ෆර්ඩ් පරියේෂකයන් මෙම පර්යේෂණ වාර්තාව සකස් කර ඇත්තේ, මහා බ්‍රිතාන්‍යය තුළ පමණක් නොව, සෙසු යුරෝපා රටවල වෛද්‍ය පර්යේෂකයන් සමඟ සම්බන්ධ වී, ඒම රටවල කොවිඩ් 19 ආසාදනය වී සුවය ලැබූවන්ගේ තොරතුරු අධ්‍යයනය කර ගැනීමෙනි.

ලන්ඩනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS