කොරෝනා වේගයෙන් ලොව පුරා පැතිරේ



චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වුණු ‘කෝවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය, ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත් වෙමින්, ඉතා වේගයෙන් ලොව පුරා පැතිරීම ආරම්භ වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරැ ඇඟවීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ අනතුරැ ඇඟවූයේ බ්‍රසීලයෙන් පවා කොරෝනා ආසාදිතයන් හමුවීමත් සමඟය. බ්‍රසීලය ලතින් ඇමෙරිකා කලාපයට අයත් රාජ්‍යයකි. ඒ අනුව ලතින් ඇමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයකු වාර්තා වුණු පළමු අවස්ථාව මෙයයි.

මේ වනවිට ලොව නන්දෙසින් හමුවුණු ‘කෝවිඩ් 19’ ආසාදිතයන් ගණන 81,005 කි. එයින් 78,064 ක් ආසාදිතයන් හමුවී ඇත්තේ චීනයෙනි. චීනයේ වූහාන් නුවරින් ආරම්භ වුණු වයිරසය මේ වනවිට චීනය පුරාම පැතිර ගොස් අවසන්ය. ‘කෝවිඩ් 19’ වයිරසය ආසාදනය වී මියගිය ගණන 2,762 කි. වැඩිම මරණ සහ ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ද චීනයෙනි. වයිරසය පැතිරුණු රටවල් ගණන 39 කි.

බීජීංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS