කොරෝනා විකෘති වෙනවා: පරිණාමය වෙනවා



 

ලොවට වසංගතයක් වූ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය දිනෙන් දින විකෘති වෙමින් පරිණාමයට ලක් වෙමින් පවතින ඇමෙරිකන් විද්‍යාඥයෝ බිය පළ කරති.

කොරෝනා වයිරසය සම්බන්ධයෙන් මෙසේ බිය පළ කර ඇත්තේ ඇමෙරිකාවේ හූස්ටන් නුවර විද්‍යාඥයන් කණ්ඩායමකි.
‘කොරෝනා වයිරස විෂබීජ විකෘති වෙනවා. පරිණාමය වෙනවා. ඒක භයානක තත්ත්වයක්. වයිරසයට සාර්ථක එන්නතක් නිපදවූවත් එය අසාර්ථක වීමට ඒ අනුව ඉඩ තිබෙනවා’ යැයි විද්‍යාඥ කණ්ඩායම පෙන්වා දෙයි.

මේ වනවිටත් ආසියානු රටවල් කීපයකින් සහ යුරෝපා රටවල් කීපයකින් ‘කොවිඞ් 19’ වයිරසයේ විකෘති වූ ප්‍රභේද හඳුනා ගෙන ඇති බවත් ඇමෙරිකන් විද්‍යාඥ කණ්ඩායම වැඩි දුරටත් කියා සිටී.

 ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 32,101,060 පසු කළේය. මරණ වාර්තා වූයේ 982,020 ක් ලෙසිණි. වයිරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 23,682,042 කි.

තවමත් කොරෝනා ආසාදිතයන් අතින් ලොව අංක එක ස්ථානයේ පසුවන්නේ ඇමෙරිකාවය. ඇමෙරිකාවෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 7,139,553 කි. මරණ වාර්තා වන්නේ 206,593 කි. කොරෝනා ආසාදිතයන් අතින් ලොව දෙවැනි ස්ථානයේ ඇත්තේ ඉන්දියාවය. ඉන්දියාවෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 5,732,518 කි. මරණ වාර්තා වන්නේ 91,173 ක් ලෙසය.

හූස්ටන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS