කොරෝනා වයිරස තවත් මතු වේවි



සත්ව මාංශ ආහාරයට ගැනීමෙන් වැලැකිය යුතු බවත්, එසේ නොකළොත්, අනාගතයේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට වඩා දරුණු ආකාරයේ වයිරසවලින් මිනිසාට බැට කෑමට සිදුවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධාන බිය පළ කරයි.

‘අප සත්ව මාංශ ආහාරයට ගන්නේ ප්‍රෝටීන් අවශ්‍යතා සපුරා ගන්නයි. ඒත් සතුන්ගේ ඇති වයිරස බොහොමයක් මනුෂ්‍ය අපට ආසාදනය වන්නේ එසේ මාංශ අනුභව කිරීමෙන්. ඒ නිසා ඒ ගැන අප කල්පනාකාරී විය යුතුයි. වන සතුන් පමණක් නොව, සොබාදහමද අප ආරක්ෂා කර ගත යුතුයි’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

‘කොවිඞ් 19’ වයිරසය කොරෝනා වයිරස පවුලේ නවතම වයිරසයයි. කොරෝනා යනු සතුන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වී, මනුෂ්‍යයන් අතරේ විකෘති වෙමින් පැතිරෙන වයිරස විශේෂයකි. මීට පෙර වසංගත බවට පත්වුණු ‘සර්ස්’, ‘මර්ස්’ ද කොරෝනා වයිරස විශේෂ ලෙස සැලකෙයි.

මීට පෙර, ගෝලීය වසංගතයක් බවට පත්වුණු ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට බෙහෙවින් සමාන කොරෝනා වර්ගයේ වයිරසයක සාම්පල මීට වසර 7 කට පෙර, 2013 දී, චීනයේ වූහාන් නුවර වයිරස රසායනාගාරයට ලැබී ඇති බව බි්‍රතාන්‍යයේ ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පත අනාවරණය කර තිබේ. මෙම වයිරස සාම්පල වූහාන් විද්‍යාඥයන්ට ලැබී ඇත්තේ නිරිතදිග චීනයේ තඹ පතලක සේවය කරද්දී රෝගී වූ කම්කරුවන් පිරිසකගේ සිරුරුවලිනි.

රෝගී වූ සේවකයන් තිදෙනා අසාධ්‍ය තත්ත්වයට පත් වී ඇත්තේ නියුමෝනියාවෙනි. කෙසේ නමුත්, එම වයිරසය දරුණු ලෙස ව්‍යාප්ත වන ආකාරයේ එකක් නොවුණු බව ‘ද සන්ඬේ ටයිම්ස්’ අනාවරණයේ සඳහන් වෙයි. වයිරසය කොරෝනා වයිරස පවුලට අයත් එකකි. තඹ ලෙන තුළ සිටින වවුලකුගෙන් වයිරසය මිනිසුන්ට ආසාදනය වූ බව තතහවුරු විය.

2013 දී වූහාන් වයිරස රසායනාගාරයට ලැබුණු සාම්පල වැඩි දියුණු කරමින්, වූහාන් විද්‍යාඥයන් ඉතා ඉක්මණින් ඉතා දරුණු ආකාරයට පැතිරෙන ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය නිර්මාණය කරන්න ඇති බවත්, ඔවුන් හිතාමතා හෝ අත්වැරදීමකින් සමාජයට මුදා හරින්න ඇති බවත් ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පත කළ අනාවරණයේ වැඩි දුරටත් දැක්වෙයි. ‘කොවිඞ් 19’ වයිරසය ආරම්භ වූයේ පසුගිය 2019 වසරේ දී චීනයේ හුබෙයි පළාතේ පිහිටි වූහාන් නුවර සත්ව මාංශ වෙළෙඳපොළ කේන්ද්‍රකොට ගනිමිනි. වූහාන් වයිරස රසායනාගාරය පිහිටා ඇත්තේ ද මෙම වෙළෙඳපොළට නුදුරිනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (රොයිටර්)


RECOMMEND POSTS