කොරෝනා රෝගීන්ට රුධිර ප්ලාස්මා ප්‍රතිකාර



‘කෝවිඞ්19’ හෙවත් නව කොරෝනා වයිරසය මර්දනයට රුධිර ප්ලාස්මා ප්‍රතිකාර භාවිත කරන බව චීනයේ ෂැංග්හායි නුවර වෛද්‍යවරු කියති.

ෂැංග්හායි වෛද්‍යවරුන්ට අනුව, රුධිර ප්ලාස්මා ප්‍රතිකාරයට යොමු කළ කොරෝනා වයිරස රෝගීන් කිහිප දෙනකු කඩිනමින් සුවය ලබා රෝහල්වලින් පිටවී ගොස් ඇතැයි ද වාර්තා වේ.

කොරෝනා වයිරස රෝගීන්ට, රුධිර ප්ලාස්මා ප්‍රතිකාර ආරම්භ කර ඇත්තේ ෂැංහායි මහජන සෞඛ්‍ය සායන මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍ය ලූ හොංෂුගේ මෙහෙයවීමෙන් යැයි චීන මාධ්‍ය වාර්තා කර තිබේ.

රුධිර ප්ලාස්මා ප්‍රතිකර්මයේ දී සිදුවන්නේ වයිරසය ආසාදනය වී සම්පූර්ණයෙන් සුවය ලැබූ පුද්ගලයන්ගේ රුධිර ප්ලාස්මා, රෝගී වූවන්ගේ සිරුරට ඇතුළු කිරීමය. එවිට රෝගීවුවන්ගේ සිරුරු තුළින් ම වයිරසය මර්දනය සිදුවෙයි.

රුධිර ප්ලස්මා යනු කහ පැහැති දියරයකි. රුධිර සෛල එකිනෙක ඇදබැඳ තබා ගැනීම කරන්නේ රුධිර ප්ලස්මා මගිනි. සිරුර පුරා සෛල සහ ප්‍රෝටීන සංසරණය වන දියරමය කොටස ලෙස ද රුධිර ප්ලාස්මා හැඳින්විය හැකිය. සිරුරේ ඇති රුධිරය ප්‍රමාණයෙන් සියයට 55 ක් ඇත්තේ රුධිර ප්ලස්මා ය.

ෂැංග්හායි නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS