කොරෝනා මරණ 2,699 ට නගී



චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමින් ලොව පුරා ව්‍යාප්ත වූ ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදනය වූ ගණන අද (25) වනවිට 80,146 ක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්විණි.

‘කෝවිඞ් 19’ වයිරසය සුළුකොට තැකිය නොහැකි බවත්, එය තව දුරටත් ව්‍යාප්තවීම වැළැක්වීමට සෑම රටක්ම පියවර ගත යුතු බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසා තිබේ.

‘කෝවිඞ් 19’ වයිරසය ආසාදනය වී, ඇතිවුණු නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් මියගිය ගණන 2,699 කි. මියගිය වැඩිදෙනා චීනයේ හුබෙයි පළාතේ වැසියන් යැයි ද පැවැසෙයි. වයිරසය ආසාදනය වී සම්පූර්ණයෙන් සුවය ලැබූ ගණන 27,623 කි.

බීජීංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS