කොරෝනා නෝර්වේ යයි



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය නෝර්වේ රාජ්‍යයට ද පැතිර ගොස් ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කර ඇත.

හමුවී ඇත්තේ එක් ‘කෝවිඞ් 19’ ආසාදිතයකු පමණක් බවත්, නිරෝධායනය කිරීමෙන් පසු එම තැනැත්තා පිළිබඳ විමසිල්ලෙන් පසුවන බවත් අදාල ප්‍රතිකාර ලබාදීමට පියවර ගත් බවත් නෝර්වේ සෞඛ්‍ය බලධාරීහු වැඩිදුරටත් කියා සිටිති.

මෙම පුද්ගලයා චීනයේ සිට ආපසු නෝර්වේ පැමිණ ඇත්තේ පසුගිය සතියේය. කෙසේ නමුත් රෝග ලක්ෂණ පහළ වීමට පටන්ගෙන ඇත්තේ මීට දින කීපයකට පෙරය.

(රොයිටර්)


RECOMMEND POSTS