කොටස් වෙළෙඳපොළේ වහලය කඩා වැටිලා



ඉන්දුනීසියාවේ කොටස් වෙළෙඳ පොළේ සිවිලම කඩා වැටී ඇති බවත්, කිහිප දෙනකු එයින් තුවාල ලැබූ බවත් වාර්තා වේ.

කඩා වැටී ඇත්තේ බිම් මහල සහ පළමු මහල අතර පිහිටි සිවිලිම යැයි ද පැවැසෙයි. සිවිලිම කඩා වැටුණැයි සැලවීමෙන් පසු, සුන්බුන් අතරේ සිරවුණු පිරිස් බේරා ගැනීම සිදුවූයේ ගිනි නිවන භටයන්ගේ මෙහෙයවීමෙනි.

රෝහල් ආරංචි මාර්ග පැවැසුවේ 15 දෙනකු තුවාල ලැබූ බවය. ඔවුන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බව ද පැවැසෙයි. සිවිලිම කඩා වැටීමේ සිදුවීම වාර්තා වූයේ ජකර්තා වේලාවෙන් දවල් 12 ට පමණ යැයි ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS