කේරළයේ ජලගැලීම්



දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 14 ක 36,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

හදිසියේ හටගත් ජල ගැලීම් සහ නායයෑම හේතුවෙන් මියගිය ගණන 37 ක් යැයි ද පැවැසෙයි. හෙක්ටයාර් 1,031 ක් මුළුමනින්ම විනාශ වී ගොස් ඇති බව ද වාර්තා වේ. විපතට පත්වූවන් සහන කඳවුරුවලට යොමු කළ බව ප්‍රාන්ත බලධාරීහු කියති.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS