කෙජ්රිවාල් දිවුරුම් දෙයි



දිල්ලි ප්‍රාන්ත සභා මැතිවරණයෙන් අති විශිෂ්ට ජයක් හිමි කරගත් ‘ආම් ආද්මී’ හෙවත් ‘පොදු මිනිසා’ පක්ෂයේ නායක අරවින්ද්  කෙජ්රිවාල් අද (16) දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති ලෙස තෙවැනි වරටත් දිවුරුම් දෙයි.

දිල්ලි ප්‍රාන්ත සභා මැතිවරණය පැවැත්වූයේ මීට සතියකට පෙරය. දිල්ලි ප්‍රාන්ත සභාවේ ආසන 70 කි. එයින් ආසන 62 ක් දිනා ගැනීමට ආම් ආද්මී පක්ෂය සමත් විය.

ඒ අනුව, 2013 වසරේ සිට මහ ඇමැති ධුරට හොබවන හොබ කෙජ්රිවාල්ට එම ධුරයේ රැඳී සිටීමට යළි ජන වරමක් හිමිවිය.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ද ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත් වූ නමුත්, දිනා ගැනීමට හැකිවූයේ ආසන 9 ක් පමණය. ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂයට කිසිදු ආසනයක් දිනා ගැනීමට හැකි  වූයේ නැත.

දිවුරුම් දීමේ උත්සවයට පැමිණෙන්නැයි මහ ඇමැති කෙජ්රිවාල් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ඇරැයුම් කර තිබුණි. කෙසේ නමුත් අගමැති මෝදි වරණාසි බලා ගොස් සිටි බැවින් ඔහුට දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීමට හැකියාවක් නොලැබෙන බව පැවැසෙයි.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS