කියුබානුවන්ට ඉන්ටර්නෙට්



ජංගම දුරකතන හරහා අන්තර් ජාලයට පිවිසීමට තම රටවැසියන්ට ඉඩ සලසා දීමට, කොමියුනිස්ට් පාලනයක් සහිත කියුබාව තීරණය කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මේ වනවිටත් තෝරාගත් පිරිසකට ඔවුන්ගේ ජංගම දුරකතන ඔස්සේ අන්තර් ජාලයට පිවිසීමට අවස්ථාව උදා කර දී ඇති අතර, මෙම වසර අවසන් වෙද්දී කියුබානුවන් සැමට එම අවස්ථාව උදා කර දෙන බව කියුබානු ජනාධිපති මිගුවෙල් දියාස් කැනැල් පවසා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS