කැනඩා මහ මැතිවරණය අද



කැනඩාවේ 43 වැනි මහ මැතිවරණය අද (21) ඇරැඹේ. දෙවැනි ධුර කාලය වෙනුවෙන්, දිගටම අගමැති ධුරයේ රැඳී සිටීමේ අරමුණින්, ලිබරල් පක්ෂයේ නායක ජස්ටින් ටෲඩෝ යළි මහ මැතිවරණයට ඉදිරිපත් වෙයි.

ඒ අනුව, මෙම මැතිවරණය අගමැති ටෘඩෝගේ ජනප්‍රියත්වය උරගා බැලීමේ ජනමත විමසුමක් ලෙස කැනඩා දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

අගමැති ටෘඩෝගේ ලිබරල් පක්ෂයට ප්‍රධාන වශයෙන් අභියෝගයක් එල්ල වනු ඇත්තේ, ඇන්ඩෲ ෂියර්ගේ කොන්සවර්ටිව් පක්ෂයෙනි. ඊට අමතරව තෙවැනි බලවේගය ලෙස ජග්මීත් සිංගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ද මැතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී ජනපතා ප්‍රසාදය දිනා ගැනීමට සමත් වී තිබුණි.

මොන්ත්‍රියාල්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS