කැටලෝනියාව අයිත් ස්පාඤ්ඤයට



කැටලෝනියා ප්‍රාන්තය ස්පාඤ්ඤයේ කොටසක් බවත්, එය දිගටම එසේ පැවැතිය යුතු බවත්, ස්පාඤ්ඤයේ 6 වැනි පිලිප් රජු විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා තිබේ.

ස්පාඤ්ඤ රජු මේ බව කියා සිටියේ එරට උතුරුදිග ඔවියේඩෝ නුවර උත්සවයකට සහභාගී වෙමිනි.

කැටලෝනියාව ස්පාඤ්ඤයට අයත් විශාල ප්‍රාන්තයකි. ස්පාඤ්ඤ මධ්‍යම රජයේ දැඩි විරෝධය මැද, කැටලෝනියා බෙදුම්වාදී නායකයන්ගේ මැදිහත් වීමෙන් ජනමත විමසුමක් පැවැත්විණි.

එහිදී, කැටලෝනියා වැසියන්ගෙන් බහුතරය කැමැත්ත පළ කළේ ස්පාඤ්ඤයෙන් වෙන් වී වෙනම රාජ්‍යයක් විය යුතු බවටය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS