ක්‍රිකට් පිටියටත් විස දුම



ඉන්දියාවේ නවදිල්ලි නුවරට බලපා ඇති විස ගක දුමාරය ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගයට බාධා කර ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

විස දුම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ලහිරු ගමගේ අවස්ථා කිහිපයකදී කහින්න වූ බවත් ඒ ගැන කනස්සල්ලට පත් වුණු ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ඒ ගැන විනිසුරුවරුන් සමඟ සාකච්ඡා කළ බවත් වාර්තා වේ.

ඉන්දු ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන්නේ දිල්ලියේ ෆෙරෝස් ෂා කොල්ටා ක්‍රීඩාංගනයේය.

‘ස්මොග්’ නමින් හැඳින්වෙන මෙම විස දුමාරයෙන් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පිරී පවතී. දුම හටගෙන ඇත්තේ දිනෙන් දින වැඩිවන ඩීසල් රථවාහන නිසාත් නවදිල්ලි අගනුවර කාර්මීකරණයට ලක් වී ඇති නිසාත්ය.

නවදිල්ලි වැසියන් ඔවුන්ගේ දෛනික කටයුතු සඳහා පිටතට යන්නේ මුහුණු ආවරණය කර ගනිමිනි. විස ගන දුමාරය හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ද මුහුණු ආවරණය කර ගනිමින් ක්‍රීඩා කිරීමට සිදු වී ඇත.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS