ක්වෙටා බෝම්බයට 15 ක් බිලිවෙති



පාකිස්කානයේ බලුකිස්තාන් ප්‍රාන්තයට අයත් ක්වෙටා නුවර බෝම්බ පිපිරීමක් සිදුවීමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 50 කට වැඩිය.

මියගිය 15 දෙනාගෙන් 17 දෙනෙකුම හමුදා සොල්දුදාවන් යැයි පැවැසෙයි.

බෝම්බය පුපුරා හැර ඇත්තේ ද සොල්දාදුවන් ඉලක්ක කර ගනිමින් යැයි පසුව අනාවරණය විය. බෝම්බය අටවා තිබුණේ යතුරු පැදියක යැයි පොලිසිය කියයි.

තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කෙරුණු අතර ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි ද පැවැසෙයි. බෝම්බ ප්‍රහාරයට හසුවීමෙන් මාර්ගය අවට මෝටර් රථ රැසක් ද විනාශ විය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS