කළු ජාතිකයකුගේ හුස්ම හිර කරලා



ඇමෙරිකාවේ මිනසෝටා ජනපදයේ මිනියැපොලිස් නුවර සුදු ජාතික පොලිස් නිලධාරියකුගේ අඩන්තේට්ටම්වලට ලක් වුණු කළු ජාතිකයෙක් ජීවිතක්ෂයට පත් විය.

මියගොස් ඇත්තේ ජෝජ් ෆොයිඩ් නමැති 40 හැවිරිදි කළු ජාතික තරුණයෙකි. කලහකාරීව හැසිරුණැයි සුදු ජාතික පොලිස් නිලධාරීන් තිදෙනකු ෆොයිඩ් අත්අඩංගුවට ගත්තේය. ‍‍‍

බිම දිගා වෙන්නැයි ෆොයිඩ් ට නියෝග කළ එක් පොලිස් නිලධාරියකු ඔහුගේ පිටට නැග බෙල්ල දණිස්සෙන් තද කරගෙන ඔහු යටත් කරගෙන ඇත. තමන්ට හුස්ම ගන්න අමාරු යැයි ෆොයිඩ් දිගින් දිගටම පවසා ඇති නමුත් පොලිස් නිලධාරියා ඒ ගැන තැනීමක් කර නැත. ෆොයිඩ් හුස්ම හිරවී එම අවස්ථාවේදී මියගියේය.

සිද්ධියේ දසුන් අසල සිටි අයකු ජංගම දුරකතනයෙන් වීඩියෝ කර ඇති අතර, මේ වනවිට විදෙස් පුවත් සහ සමාජ මාධ්‍ය ඔස්සේ එය බොහෝ දෙනාගේ කතාබහට ලක් වී අවසන්ය.

මෙම සිදුවීම මිනියැපොලිස් පොලිස් නිලධාරීන් අපකීර්තිය‍ට පත් කිරීමට හේතුවක් වී ඇති බව ද ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් එෆ්.බී.අයි. පරීක්ෂණයක් ද පැවැත්වීමට නියමිතය. පොලිසියේ ක්‍රියා කලාපය කිසිසේත් අනුමත කළ නොහැකි යැයි මිනියැපොලිස් නගරාධිපති ජේකොබ් ෆේ පවසා තිබේ.

මිනියැපොලිස්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS