කල්දමන්න ඕනෑකමක් නෑ



ජනාධිපතිවරණය කල් දැමීම කෙරෙහි සලකා බලනවා යැයි කීවත්, ජනාධිපතිවරණය කල් දැමීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කිසිදු උනන්දුවක් නොමැති බව ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශක මාර්ක් මෙඩෝව්ස් පවසා ඇත.

මාක් මෙඩෝස් මෙසේ පැවැසුවේ, ට්‍රම්ප් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ධවල මන්දිරයට පැමිණි මාධ්‍යවේදීන් විමසීමක් කළ අවස්ථාවේදීය.

‘ජනාධිපතිවරණය කල් දමන්නේ නැහැ. එය නියමිත පරිදි නොවැම්බර් 3 වැනිදා පැවැත්වේවි’ යැයි මාක් මෙඩෝස් පැහැදිලි කළේය.

ඇමෙරිකන් ජනාධිපතිවරණය ඉතා සංකීර්ණ ක්‍රියාදාමයකි. නොවැම්බරයේ පැවැත්වීමට නියමිතව ඇත්තේ, ඇමෙරිකන් ජනාධිපතිවරණය පමණක් නොව, ආණ්ඩුකාරවරුන් ඇතුළු ජනතා නියෝජිතයන් තෝරා ගැනීම පවා මෙහිදී සිදුවෙයි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS