ඕස්ටේ‍්‍රලියා පුවත්පත් දෙකකින් විරෝධය



ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රධාන ජාතික පුවත්පත් දෙකක්, ඔවුන්ගේ පුවත්පත් මුද්‍රණය කර තිබුණේ, පළමු පිටුවල සඳහන් සියලූ පුවත් කළු පැහැති ඉරිවලින් මකා දමා තිබුණි. ඒ, බලධාරීන් විසින් කපා හරින ලදී යන අර්ථයෙනි.

 ඕස්ටේ‍්‍රලියාවේ ‘ඬේලි ටෙලිග‍්‍රාෆ්’ සහ ‘සිඞ්නි මෝනිං හෙලර්ඞ්’ යන පුවත්පත් මෙසේ ඔවුන්ගේ පුවත්පත්වල පළමු පිටුවේ පුවත් කළු පැහැයෙන් මකා දැමීම කළේ,  ඕස්ටේ‍්‍රලියා රජය, ජාතික ආරක්ෂාව වෙනුවෙන් යැයි පවසමින්, එරට මාධ්‍යවේදීන්ට පනවා ඇති මාධ්‍ය තහංචියට නිහඬ විරෝධයක් දැක්වීමටය.

‘ඬේලි ටෙලිග‍්‍රාෆ්’ සහ ‘සිඞ්නි මෝනිං හෙලර්ඞ්’වල මුල් පිටුවේ පුවත් කළු පැහැයෙන් මකා දමා තිබුණා පමණක් නොව, ‘රහසිගතයි’ යනුවෙන් රතු මුද්‍රාවක් ද එහි දකින්න ලැබුණි.

සිඞ්නිහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS