ඕමානයට කංසා රැගෙන යද්දී අසුවෙයි



මස්කට් අන්තර්ජාතික ගුවන් තොටුපලේදි සිදුකරන ලද වැටලීමකදී ඕමානයට ගෙන යෑමට උත්සහ කල කංසා කිලෝග්‍රෑම්5.0කට ආසන්න ප්‍රමාණයක් අල්ලා ගැනීමට රේගු නිලධාරීන්ට හැකිවී ඇති බව අල්-ෂබීබා පුවත්පත වාර්තා කළේය.

ආසියානු ගුවන් මගියෙකු පරීක්ෂා කල අවස්ථාවේදි ටින් වල අසුරන ලද කංසා කි:ග්‍රෑ 4.942ක් හමුවු බව රේගු අධ්‍යක්ෂ කාර්යාලය තම නිල ටුවිටර් සමාජජාල ගිණුමේ සදහන් කොට ඇත.

කංසා රැගෙන යෑමට උත්සහ කලපුද්ගලයාට විරුද්ධව නීතිමය පියවර ගැනීමට නීයමිතව ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි


RECOMMEND POSTS