එලිසබත් මහ රැජින හමුවෙලා



පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට ගොස් සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බකින්හැම් මාලිගයේදී දෙවැනි එලිසබත් මහ රැජින හමුවිය.

ඉන්දීය අගමැතිවරයා බකිංහැම් මාලිගයට ගියේ මහ රැජිනගේ විශේෂ ඇරැයුමකට අනුව යැයි ද ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. එලිසබත් මහ රැජිනගෙන් ඉන්දීය අගමැති මෝදිට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. දෙදෙනා අතර සුහඳ කතාබහක් ද පැවැත්විණි.

එලිසබත් මහ රැජින හමුවීමට පෙර අගමැති මෝදි ලන්ඩනයේ විද්‍යා කෞතුකාගාරය නැරැඹීමට ද ගියේය. ඒ, චාල්ස් කුමරුන් ද සමඟය. කෞතුනකාගාරයට පැමිණි මෝදි පිළිගැනීමට විශේෂ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණු අතර, ලන්ඩනයේ ඉන්දීය නර්නත කණ්ඩායමක් මෝදි පිළිගැනීමට පැමිණ සිටි බව ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS