ඊස්වාතීනී වැසියෝ ඡන්ද පොළේ



කලක් ස්වාසිලන්තය යනුවෙන් හැඳින්වුණු ඊස්වාතීනී රාජ්‍යයේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙයි.

මැතිවරණය පැවැත්වෙන්නේ නව ඡන්ද ක්‍රමයක් යට​තේය. ඒ, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙනුවෙන් නියෝජිතයන් 55 දෙනකු තෝරා පත් කර ගැනීමේ අරමුණින්ය.

එසේ තෝරා පත් කර ගන්නා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සෙනෙට් මණ්ඩලය සඳහා නියෝජිතයන් තෝරා ගැනෙයි. තවත් නියෝජිතයන් 10 දෙනකු ඊස්වාතීනී රජු විසින් තෝරා ගැනීමට නියමිත බව ද පැවැසෙයි.

නව මැතිවරණ ක්‍රමය යටතේ ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි වුණු පිරිස ලක්ෂ පහකට වැඩිය. ඊට අමතරව, විපක්ෂ දේශපාලන කණ්ඩායම් කිහිපයකට මැතිවරණය තහනම් කර ඇති බව ද පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS