ඉම්රාන් ඛාන් වොෂින්ටනයේ



තෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණ සිටී.

පාකිස්තාන අගමැතිවරයා වොෂින්ටනයට පැමිණියේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ඇරැයුමකට අනුවය.

පාකිස්තාන විදෙස් ඇමැති, බුද්ධි අංශ ප්‍රධානීන් සහ හමුදා ප්‍රධානීන් ද අගමැති ඉම්රාන් සමඟ වොෂින්ටන් පැමිණ සිටින අතර, ඇමෙරිකන් ජනපති හමුවීමට පෙර, පිරිස ඇමෙරිකන් ආරක්ෂක ප්‍රධානීන් හමුවී සාකච්ඡා පැවැත්වූහ.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS