ඉන්ධන බවුසරයක් ගිනිගනී



බටහිර සෞදි අරාබියේ මක්කම සහ ජෙඩා නගර සම්බන්ධ කරන අධිවේගි මාර්ගයක ගමන්ගත් ඉන්ධන ටොන් 33ක් පිරවු බවුසරයක් ගින්නට හසුවීමෙන් බවුසරය ධාවනය කල රියදුරු ජීවිතක්ෂයට පත්වී ඇති බව අල්-රියාද් පුවත්පත වාර්තා කළේය.

බවුසරය අසලින් ගමන් ගත් කාරයක් ගිනිගැනීම නිසා එහි සිටි පුද්ගලයෙකු ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වු බව මහජන ආරක්ෂක ඒකකයේ නිල ප්‍රකාශක, මේජර් නයේෆ් අල්-ෂරීෆ් ප්‍රකාශ කළේය.

අධිවේගි මාර්ගයේ ගමන්ගත් තවත් කාර් දෙකක් ගින්නට හසුවී ඇති අතර මහජන ආරක්ෂක ඒකකයේ ගිනි නිවන භටයින් පැමිණ ගින්න නිවීම සදහා කටයුතු කරන ලදී.

ගිනිගැනීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන් ඔන්ලයින් ඇසුරිනි


RECOMMEND POSTS