ඉන්දුනීසියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා



ඉන්දුනීසියා ජනාධිපතිවරණයෙන් ධුරයේ රැඳී සිටින ජනාධිපති යෝකෝ විඩෝඩෝ ජයග්‍රහණය කළ බව එරට මැතිවරණ කොමිසම නිවේදනය කිරීමත් සමඟ, එය අභියෝගයට ලක් කරමින්, ප්‍රතිවාදී අපේක්ෂක සහ ඔහුගේ ආධාරකරුවෝ ජකර්තා අගනුවර කලහ කරන්න පටන් ගත්හ.

විඩෝඩෝ සමඟ ජනපතිවරණය වෙනුවෙන් සටන් වැදුණේ හිටපු හමුදා ජනරාල්වරයකු වන පරාබෝවෝ සුවියන්තෝය. සුවියන්තෝ ඉන්දුනීසියා හමුදාවට පක්ෂපතී ජෙරින්ද්‍රා පක්ෂය නියෝජනය කරයි.

ඡන්ද ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරමින්, ජකර්තා අගනුවර කලහ කරන්න වූ ජෙරින්ද්‍රා පක්ෂ ආධාරකරුවන් මර්දනය කැරැලි මර්දන පොලිසිය යොදවා තිබුණු බවත්, ඔවුන් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් කලහකාරීව හැසිරුණු විරෝධතාකරුවන් විසුරුවා හැරිය බවත් වාර්තා වේ.
ජකර්තා අගනුවර ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1,300 කට වැඩි නිලධාරීන් පිරිසක් යොදවා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

ඉන්දුනීසියාවේ ජනාධිපතිවරණය පමණක් නොව, පාර්ලිමේන්තු සහ පළාත් සභා මැතිවරණය ද එකවිට පසුගිය අප්‍රේල් 17 පැවැත්විණි. ලෝක ඉතිහාසයේ එක් දිනක් තුළ ක්‍රියාත්මක වූ වඩාත් සංකීර්ණ මැතිවරණ ක්‍රියාවලිය මෙය වූවා පමණක් නොව, මැතිවරණ කටයුතු මෙහෙයවමින් ඒවායේ නියැලුණු නිලධාරීන් 300 කට ආසන්න පිරිසක් පීඩනය දරා ගැනීමට නොහැකිව රෝගාබාධවලින් මියගිය ව ද වාර්තා විය.

ජකර්තා නුවරදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS