ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව ගැන කතාබහක්



ඉන්දීය සාගර කළාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය වන ජුලියා බිෂොප් මහත්මිය සමඟ කැන්බරා නුවරදී සාකච්ඡාවක් පැවැත්වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඕස්ට්‍රේලියානු රජය විසින් කර තිබෙන ආරාධනාවකට අනුව විශේෂ ආරාධිතයෙකු ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා එරට නිල සංචාරයක නිරත වන අතර , මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරුන් දෙදෙනා මාතෘකා කිහිපයක් පිළිබඳව පුළුල් සාකච්ඡාවක නිරත වූ බවද එම අමාත්‍යාංශය කියා සිටී.

මීට අමතරව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී සිදුකළ ඕස්ට්‍රේලියානු සංචාරයේදී ඇතිකර ගැනීමට එකඟවූ ගිවිසුම්වල ප්‍රගතිය පිළිබඳවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධානය යොමු කළේය. 

 

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS