ඉන්දීය සංචාරය අවසන්



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙදින ඉන්දීය සංචාරය ඊයේ (25) රාත්‍රියේ නිමාවට පත්වුණු අතර, ට්‍රම්ප්, බිරිඳ මෙලානියා,  දියණිය ඉවන්කා සහ ඇගේ සැමියා එයාර් ෆෝස් 1 නිල ගුවන් යානයෙන් යළි ඇමෙරිකා ඉලා පිටත්ව ගියහ.

ඉන්දීය අගමැති මෝදි, ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්, මෙලානියා, ඉවන්කා සහ ජෙරාඩ් කුෂ්නර් ඇතුළු ඇමෙරිකන් නියෝජිතයන් වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබුණි. ඒ, රාෂ්ට්‍රපතිභවන් මන්දිරයේදීය.

බුරියානි, සැමන් මාළු, දෙහි කොත්තමල්ලි සුප්, පරිප්පු ඇතුළු විශේෂ කෑම වර්ග රුසක් ට්‍රම්ප්, මෙලානියා වෙනුවෙන් පිළියෙළ කර තිබුණි.

(රොයිටර්)


RECOMMEND POSTS