ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර ඇරැඹේ



සති 6 කට වැඩි කාලයක් තිස්සේ, අදියර 7 ක් යටතේ පැවැති ඉන්දීය ලෝක් සභා මැතිවරණය අද (19) අවසන් වෙයි.

අද උදේ ආරම්භ වූයේ මහ මැතිවරණයේ 7 වැනි අදියරය. ආසන 59 ක් වෙනුවෙන් අවසන් අදියරේ ඡන්දය පැවැත්විණි. උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ වරණාසි ඡන්ද කොට්ඨාශයට ඊට ඇතුළත්ය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වරණාසි ආසනය වෙනුවෙන් ඉදිරිපත් වී සිටී.

මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය බලයට පත් වූයේ 2014 පැවැති මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයක් හිමිකර ගැනීමෙනි. ඒ, බලයේ සිටි කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය ප්‍රබල අයුරින් පරාජය කරමිනි.

එදා එනම් 2014 දී භාරතීය ජනතා පක්ෂය ආසන 282 ක් දිනා ගත්තේය. වසර 30 කට පසු ඉන්දියාවේ දේශපාලන පක්ෂයක් දිනූ විශාලතම ආසන සංඛ්‍යාව මෙය විය. එදා කොංග්‍රස් පක්ෂයට දිනා ගැනීමට හැකිවූයේ ආසන 44 ක් පමණි. එය කොංග්‍රස් පක්ෂය ලැබූ ප්‍රබලතම පරාජය විය.

ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් ලෝක් සභාfවේ ආසන 543කි. බහුතර බලය සඳහා ආසන 272ක් දිනා ගැනීම කළ යුතුය.

ඉන්දීය දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, 2014 වසරේ දී මෙන් නොව, මෙවර භාරතීය ජනතා පක්ෂයට විපක්ෂ සන්ධානයෙන් අභියෝගයක් එල්ලවනු ඇති බවය. එසේ වුවත්, භාරතීය ජනතා පක්ෂයට නිසැකව ජය හිමි වනු ඇති බවත්, 2014 මෙන් ඉතා ඉහළ ආසන සංඛ්‍යාවක් හිමි කර ගැනීමට මෙවර අවස්ථාවක් නොලැබෙනු ඇති බවත්ය.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS