ඉන්දියාවේ හිටපු මුදල් ඇමැති අභාවප්‍රාප්ත වෙයි



ඉන්දියාවේ හිටපු මුදල් සහ ආරක්ෂක අමාත්‍යවරයකු වූ අරුන් ජෙට්ලි (66) අභාවප්‍රාප්ත විය.

අරුන් ජෙට්ලි, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජයේ කැපී පෙනෙන ඇමැතිවරයකු වී කටයුතු කර ඇත. මොහු මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකි.

සති දෙකකට පමණ පෙර සිය ස්වසන ආබාධයකින් පෙළුනු අරුන් ජෙට්ලි නවදිල්ලි රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටිද්දී අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 2014 දී අරුන් ජෙට්ලිට වකුගඩුවක් බද්ධ කිරීමද සිදුවිය.

අරුන් ජෙට්ලිගේ අභාවය සම්බන්ධයෙන් යුරෝපයේ සංචාරයක යෙදෙමින් සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ශෝක පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, අරුන් ජෙට්ලිගේ අභාවය තම පක්ෂයටත් ඉන්දියාවටත් සිදුවුණු විශාල පාඩුවක් බවය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS