ඉන්දියාවේ කොරෝනා මිලියන 5 පසු කරයි



ඉන්දියාවේ කොරෝනා ආසාදිතවන් ගණන මිලියන 5 පසු කළේය. ඒ, ගතවුණු පැය 24 තුළ නව ආසාදිතයන් 90,123 දෙනකු හමුවීමත් සමඟය. ලොව දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ද ඉන්දියාවෙනි.

ගතවුණු පැය 24 තුළ ඉන්දියාවෙන් වාර්තා වූ මරණ 1,290 කි. ඒ අනුව සමස්ත මරණ 82,066 තෙක් ඉහළ ගියේය. දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වුවත්, ‘කොවිඞ් 19’ සුවවූවන් අතින් ලොව අංක එක ස්ථානයේ පසුවන්නේ ද ඉන්දියාවය.

කොරෝනා ආසාදනය වී සුවය ලැබූ ඉන්දියානුවන් ගණන 3,942,360 කි. මීට පෙර කොරෝනා ආසාදනය වී සුවය ලැබූවන් වැඩි වශයෙන් වාර්තා වූයේ බ්‍රසීලයෙනි. මේ වනවිට බ්‍රසීලය ලොව ආසාදිතයන් සුවවීම අතින් තෙවැනි ස්ථානයේ පසුවෙයි.

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකාවෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 6,788,147 කි. මරණ 200,197 කි. තෙවැනි ස්ථානයේ පසුවන බ්‍රසීලයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 4,384,299 කි. බ්‍රසීලයෙන් වාර්තා වන මරණ 133,207 කි.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී/ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS