ඉන්දියාවේ කොරෝනා මිලියන 20 පසු කරයි



ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන මිලියන 20 සීමාව පසු කර තිබේ. ඉන්දීය සෞඛ්‍ය අංශ නිවේදනය කළේ සමස්ත ආසාදිතයන් ගණන 20,208,333 ක් ලෙස සටහන් වන බවය

කෙසේ නමුත්, පසුගිය දිනවල දෛනික ආසාදිතයන් වාර්තා වීම ලක්ෂ 4 පසු කර තිබුණ ද ඊයේ දිනය වන විට එය යළි 3,55,532 කට අඩු වී ඇතැයි ද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් කියා සිටී.

ආසාදිතයන් හමුවීම මෙසේ අඩු වී ඇත්තේ ආසාදිතයන් සොයා කරන පීසීආර් පරීක්ෂණ අඩු නොකළ නිසා යැයි ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු අවධාරණය කරති.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS