ඉන්දියාවේ කොරෝනා දිනපතා වාර්තා තියයි



ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයන් ගණන දිනෙන් දින වැඩි වෙමින් පවතී. අද (18) දිනයේ ඉන්දියාවෙන් වාර්තා වු ආසාදිතයන් ගණන 2,61,500 කි.

මේ වනවිට ලොව දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් ගණන මිලියන 14.7 කි. මරණ වාර්තා වන්නේ 177,150 ක් ලෙසය.

ගතවුණු පැය 24 ඇතුළත වාර්තා වු මරණ ගණන 1,500 කි.

ගතවුණු පැය 24 ඇතුළත නවදිල්ලි අගනුවරින් වාර්තා වූ ආසාදිතයන් ගණන 24,000 කි. මේ වනවිට නවදිල්ලියේ රෝහල් සියල්ල රෝගීන්ගෙන් පිරිගොස් ඇති බවත්, රෝහල් ඇදන් නොමැතිව, රෝගීන් අපහසුතාවට ලක්වී සිටින බවත් පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS