ඉන්දියාවේ ආසාදිතයෝ 62,500 ක්



ඉන්දියාවෙන් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 62,000 ඉක්මවා ගියේය.

ඒ අනුව එරටින් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන දෙලක්ෂය ඉක්මවා ගොස් ඇත.

ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 20,27,074කි. එරට විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන වයිරස ආසාදිත රෝගීන්ගේ ගණන 6,07,384ක් වන අතර වයිරසය ආසාදනය වී සුව වූ ගණන 12,78,105කි. ඉන්දියාවේ නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 41,585ක් දක්වා ඉහළ ගොස් ඇත.

නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයයි. එම ප්‍රාන්තයෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 4,79,779කි. තමිල්නාඩු ප්‍රාන්තයෙන් වයිරස ආසාදිතයන් 2,79, 144 දෙනකු ද අන්දා ප්‍රදේශ් ප්‍රාන්තයෙන් ආසාදිතයන් 1,96,789 දෙනකු ද මේ වනවිට හඳුනාගෙන ඇත. කර්නාටක ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට වාර්තා වී ඇත්තේ වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 1,58,254කි.

ඉන්දියාවේ අසල්වැසියන් වන පාකිස්තානයෙන් මේ වනවිට වයිරස ආසාදිතයන් 2,81,863 දෙනකු ද බංග්ලාදේශයෙන් ආසාදිතයන් 2,49,204 දෙනකු ද හොයාගෙන ඇත.

එන්.ඩී.ටීවී.


RECOMMEND POSTS