ඉන්දියාව නිදහස සමරයි



ඉන්දියාව අද (15) 72 වැනි නිදහස් දිනය අති උත්කර්ශවත් අන්දමින් සැමරීය.

නිදහස් දිනය නිමිත්තෙන් ප්‍රධාන සැමැරුම සුපුරුදු පරිදි නවදිල්ලි අගනුවර ‘රතු බළකොටුව’ කේන්ද්‍රකොට ගනිමින් පැවැත්විණි.

සෙසු ප්‍රාන්තවල ප්‍රාන්ත මට්ටමින් සැමැරුම් උලෙළ පැවැත්වුණු බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබුණි.
නවදිල්ලියේ පැවැත්වුණු ප්‍රධාන සැමරුම වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් යොදා තිබුණි. ඉන්දීය ත්‍රිවිධ හමුදාව, පෙළපාළිවලට එක් වෙමින් යුද ශක්තිය ප්‍රදර්ශනය කළේය. එම අවස්ථාවේ, නවදිල්ලි අගනුවරට ඉහළින් ගුවන් කලාපය තහනම් කලාපයක් ලෙස ද නම් කර තිබුණි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නිදහස් දින සැමැරුමට එක් වෙමින් ජාතිය ඇමැතීය. මෝදි ඉන්දීය අගමැතිවරයා ලෙස නිදහස් දින සැමරුමකදී දේශනයක් පැවැත් වූ පස්වැනි අවස්ථාව මෙයයි. මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය බලයේ සිටින්නේ 2014 වසරේ සිටය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS