ඉන්දියාව දෙවැනි තැනට



ඉන්දියාවෙන් අවසන් පැය 24ක කාලයේ දී ‘කොවිඩ්-19’ නව කොරෝනා වයිරස ආසාදිතයන් 168,912 දෙනකු හමු වී ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.

එම ආසාදිතයන්ගේ ගණනත් සමඟ ඉන්දියාව නැවත වරක් ලොව දෙවැනියට වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් සිටින රට බව ට පත්විය.

ගෝලීයව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. ඉන්දියාව කලක් එහි දෙවැනි තැන සිට පසුව තෙවැනි තැනට පැමිණියේ ය. පසුගිය කාලයේ එහි දෙවැනි තැන පසුවූයේ බ්‍රසීලය යි. ඉන්දියාවෙන් ඉකුත් සති කිහිපයේ දී දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වැඩිවීමත් ලක්ෂය ඉක්මවා ආසාදිතයන් වාර්තා වීමත් හේතුවෙන් ඉන්දියාව නැවත වරක් එහි දෙවැනි තැනට පත්විය.

ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 13.53ක් වන අතර බ්‍රසීලයෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 13.45ක් වේ.

එම ලැයිස්තුවේ මුල් තැන සිටින ඇමෙරිකාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 31.2කි.

ඉන්දියාවෙන් අවසන් පැය 24ක කාලයේ දී නව කොරෝනා වයිරස ආසාදිතයන් 904 දෙනකු වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 170,179ක් දක්වා ඉහළ ගියේය.

(රොයිටර්)


RECOMMEND POSTS