ඉතාලි අගමැති කොන්තේ ඉල්ලා අස්වෙයි



සන්ධාන හවුල්කරු මැටියෝ සැල්වීනි දැඩි ලෙස විවේචනය කරමින්, ඉතාලි අගමැති ධුරයෙන් ඉවත් වීමට ගුසෙප් කොන්තේ කටයුතු කර ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි.

තම සන්ධාන රජයේ හවුල්කරු මැටියෝ සැල්වීන් පෞද්ගලික වාසි බලාගෙන කටයුතු කරන බවටත්, ඔහු කිසිදු වගකීමකින් තොරව කටයුතු කරන බවටත් ගුසෙප් කොන්තේ පාර්ලිමේන්තුව (සෙනට් මණ්ඩලය) අමතමින් දොස් නැගුවේය.

ගුසෙප් කොන්තේගේ පක්ෂය සහ ෆව්ස් ස්ටාර් පෙරමුණ නමැති මැටියෝ සැල්වීන්ගේ පක්ෂය එක් වී ආණ්ඩුවක් පිහිටුවීම කළේ මීට මාස 14 කට පසුවය.

ගුසෙප් කොන්තේ අගමැති ධුරයෙන් ඉවත්වීමත් සමඟ ඉතාලියේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇත.

(රොයිටර්ස්)


RECOMMEND POSTS