ඇෆ්ගන් රෝහලකට ප්‍රහාරයක්



ඇෆ්ගනිස්තානයේ ගෝර් පළාතේ රෝහලකට අද (24) දහවල් තලේබාන් ත්‍රස්තවාදීහු කඩා වැදි කළ පහර දීමකින් 35 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

ඇෆ්ගන් ආරක්ෂක අංශ පැවැසුවේ සන්නද්ධ ත්‍රස්තයෝ කණ්ඩායම් කිහිපයක් ලෙස රෝහලට කඩා වැදී ප්‍රහාරය එල්ල කළ බවය.

ප්‍රහාරයෙන් රෝගීන් පමණක් නොව, රෝහලේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් පවා මියගිය ගොස් ඇතැයි ඇෆ්ගන් පුවත් සේවා වැඩිදුරටත් කියා සිටී.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS