ඇෆ්ගන් නියඟය යුද්ධයට වඩා දරුණුයි



ඇෆ්ගනිස්තානයට බලපා ඇති දරුණු නියඟය, තලේබාන් ත‍්‍රස්තවාදීන් සහ ඇෆ්ගන් රජය අතරේ පවතින යුද ගැටුම්වලට වඩා ඇෆ්ගන් වැසියන්ට බලපෑමක් කර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

නිගඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ඇෆ්ගන් වැසියන් ගණන 2,60,000 කට වැඩිය. නියඟය බලපා ඇත්තේ ඇෆ්ගනිස්තානයේ බටහිර පළාත්වලටය. මේ වසරේ යුද ගැටුම්වලට වඩා, නියඟය හේතුවෙන් අවතැන් වුණු ගණන 60,000 ඉක්මවා ඇති බව ද එක්සත් ජාතීන්ගේ නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි.

(බී.බී.සී.)


RECOMMEND POSTS