ඇල්ජීරියාවේ ඉන්ටර්නෙට් නෑ



උසස් පෙළ කඩඉම් විභාගය පැවැත්වෙන බැවින්, විභාග පැවැත්වෙන කාලය ඇතුළත අන්තර්ජාල සේවා අක්‍රිය කර දැමීමට ඇලේජීරියා රජය පියවර ගෙන ඇත.

විභාග පැවැත්වෙන්නේ 20 සිට 25 තෙක් කාලයේය. මෙම දින පහක කාලය ඇල්ජීරියාවේ ‘විභාග සමය’ ලෙස ද හැඳින්වෙයි. මෙවර මෙම කඩඉම් විභාගයට පෙනී සිටින සිසුන් ගණන 7,00,000 කට වැඩි යැයි ද පැවැසෙයි.

පසුගිය 2016 සහ 2017 වසරවලදී, මෙම විභාගයට පෙනී සිටි සිසුන් බොහෝ දෙනකු අන්තර් ජාල භාවිතා කරමින්, සමාජ ජාල ඔස්සේ වංචා සිදු කර ඇති බවට වාර්තා විය.

එය සැලකිල්ලට ගනිමින්, මෙවර විභාග පැවැත්වෙන කාල සීමාවේ (පැය 3 ක්) අනතර්ජාල සේවා සැපැයුම් අක්‍රිය කරන බව ඇල්ජීරියා අධ්‍යාපන ඇමැතිනී නෝරියා බ්‍රෙන්ගාබි්‍රට් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS