ඇමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂ 2 පසු කරයි



ඇමෙරිකාවේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ දෙක පසු කළේය.

ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය නිවේදනය කළේ ඇමෙරිකාවේ කොරෝනා මරණ  2,05,471 ක් ලෙසිණි. ඇමෙරිකාවෙන් පමණක් වාර්තා වූ ආසාදිතයන් ගණන 7,097,937 කි.

ඇමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂ දෙක පසු කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේ ජනපති ට්‍රම්ප් කියා සිටියේ ඇමෙරිකාවේ මරණ ලක්ෂ දෙක ඉක්මවීම ලැජ්ජාවට කරුණක් බවය. ලොව වැඩිම ආසාදිතයන් ඇමෙරිකාවෙන් වාර්තා වීම ගැන තමන් සතුටු වන බව ට්‍රම්ප් යළි අවධාරණය කළේය.

ඇමෙරිකාවේ ආසාදිතයන් වැඩි වැඩියෙන් වාර්තා වන්නේ, ඇමෙරිකා සෞඛ්‍ය අංශ දිනකට ලක්ෂ ගණනින් ආසාදිතයන් සොයා පරීක්ෂණ සිදු කරන බැවිනි. ඒ ගැන තමන් සතුටු වන බව ජනපති ට්‍රම්ප් පැහැදිලි කර තිබේ.

ඇමෙරිකාවෙන් පළමුවෙන්ම කොරෝනා ආසාදිතයන් වාර්තා වීමට පටන් ගත්තේ පසුගිය පෙබරවාරි 29 වැනිදාය. ඊට මාස දෙකකට පසු අප්‍රේල් මාසයේ ආසාදිත මරණ ගණන 50,000 පසු කළේය. ඉන්පසු මරණ ලක්ෂය පසු කළේ දින 29 ක් වැනි කෙටි කාලයකින් යැයි සෞඛ්‍ය අංශ පවසයි.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS