ඇමෙරිකාවෙන් චෝදනා



සම්බාධක පනවා තිබියදී, උතුරු කොරියාව සමඟ ගනුදෙනු කරනවා යැයි එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා තානාපති නිකී හේලී, රුසියාවට චෝදනා කරයි.

ඇමෙරිකාව වෙනුවෙන් නිකී හේලී මෙසේ චෝදනා කරමින් කියා සිටියේ, උතුරු කොරියාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඇමෙරිකාව ආර්ථික සහ රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමින් පනවා ඇති සම්බාධක මධ්‍යයේ රුසියාව උතුරු කොරියාවට තහනම් කළ බඩු බාහිරාදිය, නැව් මගින් උතුරු කොරියාවට ලබා දීමට රුසියාව කටයුතු කර ඇති බවය.

රුසියාව නැව් මගින් උතුරු කොරියාවට ලබා දෙනවා යැයි පැවැසෙන්නේ තෙල්, ගල් අඟුරු සහ තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩය.

ඇමෙරිකා තානාපතිනිය නිකී හේලි එල්ල කළ මෙම චෝදනා සම්බන්ධයෙන්, නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැති හමුව උණුසුම් වුණැයි ද පැවැසෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඇමෙරිකාව මෙසේ උතුරු කොරියාවට සම්බාධක පනවා ඇත්තේ උතුරු කොරියාවේ හිතුවක්කාර න්‍යෂ්ටික වැඩසටහන සහ බැලැස්ටික් මිසයිල වැඩසටහන මුල්කොට ගනිමිනි.

සම්බාධක පනවා තිබියදී, රුසියාව මේ අයුරින් එම සම්බාධක උල්ලංඝනය කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, රුසියාව සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීම කළ යුතු බවත් ඇමෙරිකා තානාපතිනී නිකී හේලි පැහැදිලි කර තිබේ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS