ඇමෙරිකාවෙන් චීනයට සම්බාධක



චීනයේ සුළු ජාතීන් වන මුස්ලිම් උයිගුර් වැසියන්ගේ මානව අයිතීන් කඩ කරනවා යැයි චෝදනා කරමින්, ඇමෙරිකාව චීනයට සම්බාධක පැනැවීමට සූදානම් වෙයි.

සම්බාධක පැනැවීම ක්‍රියාත්මක වන්නේ ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හමුවේ සම්මත වුණු එම යෝජනාවට ඇමෙරිකන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කිරීමෙන් පසුවය.

උයිගුර් වැසියන්ගේ මානව අයිතීන් වෙනුවෙන් එම යෝජනාව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේදී 413 දෙනකු ඊට පක්ෂව ඡන්දය දුන් අතර විරෝධය දැක්වූයේ එක් අයකු පමණි.

(රොයිටර්)


RECOMMEND POSTS