ඇමෙරිකාවට අලුත් ආරක්ෂක උපදේශකවරයෙක්



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, එරට ජාතික ආරක්ෂක උපදේශක ධුරය ඇමෙරිකන් හමුදා ආඥාපති ජනරාල් රේමන්ඞ් මැක්මාස්ටර්ට පිරිනැමීමට කටයුතු කර ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි. 

ජනරාල් මැක්මාස්ටර් අත්දැකීම් බහුල හමුදා නිලධාරියෙකි. මොහු ඉරාකයේ සහ ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම් රැසකට නායකත්වය දුන් අයෙකි. මොහු ඇමෙරිකන් ඉතිහාසය පිළිබඳ ආචාර්ය උපාධිධරයෙකි.

මීට පෙර ඇමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ධුරයේ හෙබවූයේ කළේ ජනරාල් මයිකල් ෆිලින්ය. කෙසේ නමුත් රුසියාව සමඟ හටගත් අර්බුදකාරී තත්ත්වයක් හේතුවෙන් ෆිලින් එම ධුරයෙන් ඉවත් විය.

 

(රොයිටර්)

 


RECOMMEND POSTS