ඇමෙරිකාව සංක්‍රමණික කඳවුරක් නොවේ



තම රජය හඳුන්වා දී ක්‍රියාත්මක කරන දළදඬු සංක්‍රමණික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අවධාරණය කළේ, ඇමෙරිකාව ‘සංක්‍රමණික කඳවුරක්’ නොවන බවත්, එසේ වීමට තමන් කිසිසේත් ඉඩක් ලබා නොදෙන බවත්ය.

ජනපති ට්‍රම්ප්ගේ නව සංක්‍රමණික නීති හේතුවෙන් බලපෑම් එල්ල වී ඇත්තේ ඇමෙරිකාවට පැමිණ නීති විරෝධී ලෙස ඇමෙරිකාවේ වාසය කළ අසල්වැසි මෙක්සිකෝ වැසියන්ට යැයි පැවැසෙයි.

නව නීති ක්‍රියාත්මක කිරීමත් සමඟ නීති විරෝධී ලෙස ඇමෙරිකාවේ රැඳීසිටි මෙක්සිකෝ වැසියන් බොහෝ දෙනකු ඇමෙරිකාවෙන් නෙරපා දැමීම සිදුවෙයි. දරු දැරියන් බොහොමයක් ඔවුන්ගේ දෙමාපියන්ගෙන් වෙන් කිරීම සිදු වී ඇත. දෙමාපියන්ගෙන් වෙන්වුණු දරුදැරියන් ගණන 2,000 කි. මේ සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප්ට දැඩි විරෝධයක් එල්ල විය.

(රොයිටර්)


RECOMMEND POSTS