ඇමෙරිකා පාසලක තවත් වෙඩි තැබීමක්



ඇමෙරිකාවේ මේරිලන්ඞ් ජනපදයේ සැන් මේරි ප්‍රාන්තයේ පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 16 හැවිරිදි සිසුවියක සහ 14 හැවිරිදි සිසුවකු බරපතල තුවාල ලැබූ බව එරට පුවත් සේවා වාර්තා කරයි.

වෙඩි තැබීම කරනු ලැබ ඇත්තේ ද එම පාසලේම 17 හැවිරිදි සිසුවකු විසිනි. මෙම සිසුවා ඔස්ටින් වයට් රෝලින් බව පොලිසිය පවසයි.

වෙඩි තැබීම සිදුවෙද්දී, මේරිලන්ඞ් පොලිසිය වහා ක්‍රියාත්මක වී ඇති අතර ඔවුන් පෙරළා කළ වෙඩි තැබීමෙන්, ඔස්ටින් වයට් රෝලින් මියගියේය. සිද්ධිය සම්බන්ධයෙන් දිගටම පරීක්ෂණ පැවැත්වෙන බව මේරිලන්ඞ් පොලිසිය කියයි.

මෙම වෙඩි තැබීම සිදුවී ඇත්තේ පෙර ෆ්ලොරීඩා ජනපදයේ පාක්පන්ඞ් නුවර උසස් පාසලේ සිදුවුණු වෙඩි තැබීමේ සිදුවීමෙන් මාසයකට පසුව යැයි ඇමෙරිකන් පුවත් සේවා පෙන්වා දෙයි. රම වෙඩි තැබීමෙන් මියගිය ගණන 17 කි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS