ඇමෙරිකන් රාත්‍රී සමාජ ශාලාවක වෙඩි තැබීමක්



ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ සින්සිනෑටි නුවර රාත්‍රී සමාජ ශාලාවක සිදුවුණු වෙඩි තැබීමකින් 15 දෙනෙක් තුවාල ලැබූහ. එක් අයෙක් ජීවිතක්ෂයට පත්විය.

වෙඩි තැබීම කළ පුද්ගලයා පලා ගොස් ඇති අතර, ඔහු සොයා මෙහෙයුම් වනවිට ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.

වෙඩි තැබීම සිදුවී ඇත්තේ ‘කැමියෝ’ නමැති රාත්‍රී සමාජ ශාලාවේය. ඒ, ඇමෙරිකාවේ වේලාවෙන් අලුයම දෙකට පමණය.

තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කළ බවත් ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ආරංචි මාර්ග පවසා ඇත.

(රොයිටර්)

 


RECOMMEND POSTS