ඇමසන් ගිනි නිවන්න ඇමෙරිකන් ගුවන් යානා



ඇමසන් වනාන්තරයේ පැතිර යන ළැව් ගිනි නිවා දැමීම සඳහා ඇමෙරිකන්  ගිනි නිවන භටයන් යොදා ගන්නා 747 වර්ගයේ දැවැන්ත ගුවන් යානා බොලිවියාවට පැමිණ ඇත.

බොලිවියාව බ්‍රසීලයේ අසල්වැසියෙකි. එමෙන්ම, ඇමසන් වනාන්තරය බ්‍රසීලයට පමණක් නොව බොලිවියාව දක්වා ද පැතිර පවතී.

ළැව් ගිනි නිවා දැමීමට ජාත්‍යන්තරයේ සහාය ලබා ගැනීමට බ්‍රසීල ජනාධිපති බොල්සරානෝ මේ වනවිට තීරණය කර ඇත. ඒ, බ්‍රසීල වැසියන්ගෙන් පමණක් නොව, ජාත්‍යන්තරයෙන් ද එල්ල වන දැඩි බලපෑම හේතුවෙනි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS