ඇමසන් ගිනි ගනිද්දී සෙල්ෆි ගන්න ජනපති



ඇමසන් වනාන්තරයේ පැතිරෙන ළැව් ගිනි සම්බන්ධයෙන් චෝදනා ලැබ බ්‍රසීල වැසියන්ගේ අප්‍රසාදයට ලක්වී සිටින එරට ජනාධිපති ජාර් බොල්සරානෝට එරෙහිව දැවැන්ත විරෝධතා රැළි රියෝ දි ජිනැයිරෝ නුවරදී පැවැත්වෙද්දී, ජනපති බොල්සරානෝ විහිළුකරමින් සෙල්ෆි ඡායාරූප ගනිමින් විනෝදවන බව බ්‍රසීල පුවත් සේවා වාර්තා කරයි.

ඇමසන් වනාන්තරය එළිපෙහෙළි කිරීමට, ගිනි තැබීමට සහ ගස් කැපීමට බොල්සරානෝ සමාගම් රැසකට අවසර දී ඇත. ඒ, බ්‍රසීලයේ ආර්ථියක නැංවීමේ අරමුණ ඇතිවය. සිදුවන වන විනාශය හේතුවෙන් ළැව් ගිනිහට ගැනීම ඉහළ ගිය බවත්, ඇමසන් වනාන්තරයේ බ්‍රසීලයට අයත් කොටස දැන් විනාශ වෙමින් පවතින බවත් පරිසරවේදීහු පෙන්වා දෙති.

ජනපති බොල්සරානෝ විහිළු කරමින්,  සෙලෆි ඡායාරූප ගනිමින් විනෝද වූයේ බ්‍රසීලියා නුවර හමුදා මූලස්ථානයේ රණවිරු සැමරුමට එක්වුණු අවස්ථාවේදීය.

ජනපතිවරයාට එරෙහිව රියෝ දි ජිනැයිරෝ නුවර පැවැත් වුණු විරෝධතාවට දහසකට ආසන්න බ්‍රසීල වැසියන් පිරිසක් සහභාගී වී සිටියේ යැයි ද පැවැසෙයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS